Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


මහින්ද සමරසිංහ ඇතුළු තානාපතිවරුන්ට එල්.ටී.ටී.ඊ මෝටාර් ප්‍රහාර


2026-05-26 1314

 

MS බිම ඇද වැටී බේරෙයි - ඇමෙරිකානු සහ ඉතාලි තානාපතිවරුන්ට දරුණු අනතුරු

 

එවකට රජය එම ප්‍රහාරය ලෝකයට ගෙන යාමේ ප්‍රතිලාභ

 

මහින්ද සමරසිංහ දෙවැනි වරටත් මාරයා පරදවයි  

 

එම ප්‍රහාරයෙන්  එල්.ටී.ටී.ඊ ත්‍රස්තයින්ගේ මළගම තීන්දු වෙයි 

 

භේදයෙන් තොරව ජනතා අයිතිීන් වෙනුවෙන් උරදීමේ " MS න්‍යාය"

 

(වොෂින්ටන් වෘකයා)

 

2007 පෙබරවාරි 27 උදාවූයේ එවකට ආපදා කළමණාකරන හා මානව හිමිකම් කැබිනට් ඇමති මහින්ද සමරසිංහ (MS) ගේ ජීවිතය ගැන අදිසි ඉරණම් තීන්දුවකුත් සමගය.  ඔහු සමඟ ඇමෙරිකා ජර්මන් කැනඩා ඉතාලි ප්‍රමුඛ තානාපතිවරු මෙන්ම එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතන වල නේවාසික ප්‍රධානීන් ඇතුළු 17 ක් එදින හෙලිකොප්ටර 02 කින් මඩකලපු ගියේ ජනතාවට සහන සැලසීමට මිසක වෙනත් අරමුණකින් නොවේ. 

හැමවිටම ජනතාවගේ මූලික  අයිතීන්වලට ගරුකරමින් ජාති ආගම් කුල භේදයෙන් තොරව සැලකීමේ ප්‍රතිපත්තිය ඔහු වෙලාගෙන තිබිම ඊට හේතුවය. එහෙත් යානයෙන් මහින්ද හා තානාපතිවරු බැස අඩි කිහිපයක් යන විටම හතර වටෙන්ම මෝටාර්  එල්ලවන්නට විය. වාහන වෙත දුවන ලෙස හමුදා අංශ කී නිසා සරම ඇදසිටි ඇමති මහින්ද පය පැකිලී බිම ඇද වැටිණ. එම ස්ථානයට ක්ෂණිකව එල්ලවූ මොටාර් කැබලි ඉතාලි තානාපතිගේ හිසටත් ඇමෙරිකානු තානාපතිගේ උරහිසටත් වැදින. මහින්ද බේරුණේ ඔහු බිම ඇද වැටී සිටි බැවිනි.

හෙලිකොප්ටරයේ නියමුවා සියලු දෙනා බහින්නටත් පෙර යානය යළි අහසට ඔසවනවාත් සමඟ එය නවතා තිබූ තැනටම ඉලක්ක කළ මෝටාරයක් වැටිණ. ජනතාව අතර සිටි ත්‍රස්තයෙක් දුරකතන හරහා දුන් පණිවිඩ අනුව යානයට මෝටාර් එල්ල කළ බව ආරක්ෂක අංශ පසුව විග්‍රහ කොට තිබිණ. දෙවන හෙලිකොප්ටරය එම ස්ථානයට නොපැමිණ හරවා ගොස් තිබිණ.

ප්‍රහාර  මැදින් වාහනවලට දුවගිය පිරිස රැගත් හමුදාව කඩිනමින් බංකරයක් තුළ තිබූ මඩකලපු පොලීසියට රැගෙන ගිය අතර වහාම ආමඩ් කාර් වල නංවාගත් පිරිස මෝටාර් මැදින් වෙනත් හමුදා කදවුරකට ගෙන ගියහ. එහි පැමිණි හෙලිකොප්ටර් වල නංවා තුවාලවූ පිරිස වහාම කොළඹට රැගෙන ගියහ. ඉතාලි තානාපතිට දැඩි ශල්‍යකර්මයක් සිදුකොට හිසේ තිබු මෝටාර් කැබලි ඉවත් කළ අතර ඇමෙරිකානු තානාපතිගේ අසාධ්‍ය උරහිසට ද ප්‍රතිකාර ලබාදී තිබිණ. එම අවස්ථාවේ හමුදාව ද ප්‍රහාරයට ලක්ව ඇස් පවා අනතුරට ලක්වූ සෙබළෙකු පසු කළෙක මහින්ද ට ඇස් රෝහලේ දී මුණ ගැසීම ද හැගීම්බර අවස්ථාවකි.

එම ප්‍රහාරය කොටින්ගේ අවසානය තීන්දු කළ එකක් වුයේ පුවත ලොවපුරා පැතිරී කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමට ලොව ප්‍රබලම රටවල සහාය ලබා ගැනීමට එවකට රජය පියවර ගැනීමත් සමගය.

වසර 35 ක් පුරා මහින්ද (MS) ලැබූ ජාතික හා ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් සම්භාරය භේදයෙන් තොරව රටේ ස්වෛරී බව හා සියලු ජාතීන්ගේ අයිතීන් හා අනන්‍යතාවට ගරු කරමින් තව දුරටත් කැප කිරීම MS ගේ ඉලක්කය විය යුතුව තිබෙන බව රටේ පොදු මතයවී තිබේ.
 

Advertiesment